ඇවන්ගාඩ් විත්තිකරුවන්ට ඇප

Saturday, 28 September 2019 - 7:15

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ඇවන්ගාඩ් නඩුවට අදාළව ඊයේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු ඇප මත මුදා හැරුණා. ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල හමුවේයි නඩුව විභාගයට ගැණුනේ.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙල මෙන්ම රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර සහ පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායකට මෙහිදී ඇප හිමිවුණා.

එසේම, ඊයේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ඇවන්ගාඞ් සමාගමේ සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්වජිත් නන්දන දියබලනගේ ද මෙහිදී ඇප මත මුදා හරිනු ලැබුවා.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරුණු අතර, අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් 3 දෙනෙකු පෙර ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරුන් කටයුතු කළේ.

එසේම, ඊයේ දිනයේ ඇවන්ගාඞ් හා රක්නාලංකා සමාගම්වලට සහ විත්තිකරුවන්ට එරෙහිව ඊයේ අධි චෝදනා භාර දීම ද සිදුවුණා.

ඇවන්ගාඞ් නෞකාව තුළ බලපත්‍ර රහිතව ස්වයංක්‍රීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ 935 ක් තබා ගැනීම, ප්‍රවාහනය කිරීම ඇතුළු කරුණුවලට අදාළව චෝදනා 7573 ක් යටතේ නීතිපතිවරයා විසින් නඩුවට අදාළ අධි චෝදනා ගොනුකර තිබෙනවා. නඩුව නැවතත් නොවැම්බර් 8 වනදා කැදවීමට නියමිතයි.