වර්ජන ගැන සොයන්න, කැබිනට් අනුකමිටුවක් පත් කෙරේ

Saturday, 28 September 2019 - 7:23

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දුම්රිය වර්ජනය ඇතුළු රට පුරා පවතින වර්ජන සම්බන්ධයෙන් විසදුම් යෝජනා කිරීම සදහා පස් දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වුණා.

එහිදී මෙම අනුකමිටුව සදහා අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන සහ වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පත් කර තිබෙනවා.

මේ අතර, වැටුප් විෂමතා ගැටලූවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

දෛනිකව දුම්රිය ගමන්වාර 376 ක් ක්‍රියාත්මක වුවද, ඊයේ දිනයේ ධාවනය කර තිබුණේ දුම්රිය ගමන්වාර 20 කට ආසන්න සංඛ්‍යාවක්.

වර්ජනයේ නිරත දුම්රිය රියදුරු නියාමක, ස්ථානාධිපතිවරු, පාලක, අධීක්ෂණ කළමනාකරණ, ඇතුළු දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ ද, තම ගැටලූවට විසදුම් ලැබෙන තෙක් අඛන්ඩව වර්ජනයේ නිරත වන බවයි.