ජනපති, විපක්ෂ නායක, ගෝඨාභය සහ බැසිල් අතර අද විශේෂ හමුවක්

Saturday, 28 September 2019 - 7:36

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා.

නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණය ද අද සාකච්ඡාවේදී දැනුම් දීමට නියමිත බවයි.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා රැස් වන මධ්‍යම කාරක සභාවේදී ගැනීඹට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඊයේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළා