හබරණ - හිරිවඩුන්න වැව ආසන්නයේ තිබී තවත් ඇතින්නකගේ මළ සිරුරක් හමුවෙයි

Saturday, 28 September 2019 - 8:51

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB+-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%A9%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගැබ්බර ඇතින්නියන් 3 දෙනෙකු ඇතුළු ඇතින්නියන් සිව් දෙනෙකුගේ සිරුරු හමුවූ  හබරණ - හිරිවඩුන්න වැව ආසන්න ප්‍රදේශයේ තිබී තවත් මිය ගිය ඇතින්නියක්ගේ සිරුරක් හමුවී තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ එම ඇතින්නිය අසළ පැටවෙකු ද සැරි සරන බවයි.

ගම්වාසීන් විසින් අද උදෑසන මෙම ඇතින්නියගේ මළ සිරුර සොයා ගනු ලැබුවා.

ඇතින්නියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඊයේ සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුණේ ස්වභාවික නොවන හේතුවක් මත ඔවුන් මියගොස් ඇති බවයි.