නිදහස් පක්ෂය සුබවාදී එකඟතාවක් අපේක්ෂාවෙන්

Saturday, 28 September 2019 - 12:48

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඉදිරි ජනාධිපතිවරණයේදී සන්ධානගතවීම  සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ සාකච්ඡා වේදී සුබවාදී පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියේ මෙම සාකච්ඡාවෙන් පසු ඊළඟට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සන්ධානගතවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණීමට හැකි වනු ඇති බවයි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, එහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර මෙම විශේෂ හමුව අද පස්වරුවේ  පැවැත්වෙනවා.

එම හමුව සිදුවන්නේ ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයට අනුවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර ඇති බවයි.

ඒ අනුව අද පස්වරුවේ මෙම සාකච්ඡාව සිදුවීමට නියමිත බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වැඩිදුරටත් සඳහන් කළේ.