අදත් දුම්රිය 7යි - සති අන්ත විශේෂ දුම්රියත් අවලංගුයි - වෘත්තීය සමිති ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Saturday, 28 September 2019 - 12:51

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+7%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සිය වැටුප් විෂමතා ගැටළු විසදා ගැනීම සඳහා සාකච්ඡාවක් ඉල්ලූ බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද පස්වරුවේ දුම්රිය සේවකයින්ට අදාළ සාකච්ඡාව ලබාදීමට අපේක්ෂා කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රට පුරා පවතින වර්ජන සම්බන්ධයෙන් විසඳුම් යෝජනා කිරීම සදහා පස් දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී පත් කෙරුණා.

ඊට අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන සහ වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ඇතුළත්.

මේ අතර, වැටුප් විෂමතා ගැටලූවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ගමන් වාර 7ක් පමණක් ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ, හලාවත, කොස්ගම, මහනුවර, මහව, වේයන්ගොඩ සිට එක් දුම්රිය ගමන් වාරයක් ද, ගාල්ලේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර දෙකක් ද වශයෙන්.

එම දුම්රිය ගමන් වාර අද පස්වරුවේත් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තුන්වන දිනටත් අද ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් සති අන්තයේ ධාවනය කිරීමට නියමිත විශේෂ දුම්රිය සියල්ලම අවලංගු කර තිබෙනවා.

වර්ජනයේ නිරත දුම්රිය රියදුරු නියාමක, ස්ථානාධිපතිවරු, පාලක, අධීක්ෂණ කළමනාකරණ, ඇතුළු දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ ද, තම ගැටලූවට විසදුම් ලැබෙන තෙක් අඛන්ඩව වර්ජනයේ නිරත වන බවයි.