ජනපති, විපක්ෂ නායක, ගෝඨාභය සහ බැසිල් පමණක් පැයක සාකච්ඡාවක

Saturday, 28 September 2019 - 19:19

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද සහභාගි වූ මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබුණේ දහවල් 12.30 ට පමණ බව සඳහන්.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.    

ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සන්ධානගත වීම පිලිබද එළඹි තීන්දු සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සදහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති ස්ථාවරය මෙහිදී ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට දැනුම්දී ඇති බවයි.

පස්වරු 1.30 ට පමණ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව ගියා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ රාත්‍රියේ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වුණා.

එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පිළිබදව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීම සම්බන්ධයෙන් සාකච්ඡාවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සාකච්ඡාව අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මාධ්‍යයට අදහස් පළ නොකර එකම රථයකින් පිටව ගිය බවයි.

මේ අතර, ලබන සදුදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීමට නියමිත බව වාර්තා වනවා.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හාලිඇල ආසන සංවිධායක, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති, නිමල් සේනානායක අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ හාලිඇල පිහිටි නිවසේදී පැවති මෙම සාකච්ඡාවට හාලිඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ද එක්ව සිටියා.