අනුකමිටු පත් කළත්, දුම්රිය වර්ජනයේ වෙනසක් නැහැ

Saturday, 28 September 2019 - 19:25

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කැබිනට් අනුකමිටුවක් පත් කළ ද විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

කෙසේ වෙතත්, අදත් මගීන් දුම්රිය නොමැතිව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියා. වැටුප් විෂමතා ගැටලූවක් මුල් කර ගනිමින් පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම දුම්රිය වර්ජනය ආරම්භ කළ අතර, අදත් දුම්රිය ගමන් වාර 7 ක් පමණක් ධාවනය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම්වරයා සමග අද පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කරන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියා.

 ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ මේ වනතෙක් සාකච්ඡාවක් සඳහා වෘත්තීය සමිතිවලට දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර, දුම්රිය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක් රට තුළ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජන හේතුවෙන් අඩාල වී ඇති සේවාවන් සඳහා යුද හමුදාවේ සහය අවශ්‍ය මොහොතේදී ලබාදීමට සූදානම් බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබාදෙමින්.