රණවිරු උපවාසයේ මාරුවක්

Saturday, 28 September 2019 - 19:57

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලමින් ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු සහ මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන් කිහිප දෙනෙකු කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද අවසන් කෙරුණා.

එහෙත්, රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී.වසන්ත ආබාධිත රණවිරුවන් නියෝජනය කරමින් උපවාසයට එක්වුණා.

වැටුප් ගැටළුවලට විසඳුම් ඉල්ලමින් ආබාධිත රණවිරුවන් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 18 ක් ගතවන අතර, ඊයේ රාත්‍රියේ සමස්ත ලංකා දිවිපිදූ  ආබාධිත රණවිරු එකමුතුවේ පිරිසක් පැමිණීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මේ අතර, රණවිරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අභියෝගයක් සිදු කළා.