ඇතින්නියන් මියගිය අභිරහස සොයා කලාවැව සිට තුම්බිකුලමට මෙහෙයුමක් (ඡායාරූප)

Sunday, 29 September 2019 - 6:49

%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හබරණ - හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් තවදුරටත් සිටින්නේද යන්න සහ මියයෑමට හේතු වූ කරුණු සොයා අද දිනයේත් රක්ෂිතය තුළ මෙහෙයුමක් සිදුකරන බව පොළොන්නරුව වනජිවි කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජේ. වික්‍රමසිංහ පවසනවා.

ඒ සඳහා වනජීවි නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශයේ ජනතාව එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ද අදාළ මෙහෙයුමට එක්වනු ඇති.

පෙරේදා දිනයේදී ඇතින්නියන් සිව් දෙනෙකුගේ සිරුරු සොයාගත් අතර, ඊයේ දිනයේ තවත් ඇතින්නියන් තුන් දෙනෙකුගේ සිරුරු තුම්බිකුලම රක්ෂිතයේ තිබී සොයාගත්තා.

ඒ අනුව මේ වනවිට මියගොස් සිටින ඇතින්නියන් සංඛ්‍යාව 07 ක්.

එම ඇතින්නියන් කලාවැව ජාතික වනෝද්‍යානය අවට සිට හිරිවඩුන්න - තුම්බිකුලම රක්ෂිතය දෙසට පැමිණෙන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරනවා.

ඒ අනුව අද දිනයේදී වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ඇතින්නියන් ආ මග ඔස්සේ කලාවැව දෙස සිට හිරිවඩුන්න දෙසට පැමිණීමට නියමිතයි.

හබරණ - තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් මියයාමට හේතු සොයාබැලීම එම විමර්ශන චාරිකාවේ අරමුණ වනවා.

කෙසේ වෙතත් ඇතින්නියන් මිය යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මියගිය ඇතින්නියන් අතර, ගැබ්බර ඇතින්නියන් 3 දෙනෙකු සිටින අතර, වනජීවි නිලධාරීන් සැක පළ කරන්නේ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් මෙම සතුන් මියයන්නට ඇති බවයි.