අරුවක්කාරු කසල අංගනය නිසා පොලිසියත් උසාවි යයි

Sunday, 29 September 2019 - 7:29

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පුත්තලම - අරුවක්කාරු කසල අංගනය සම්බන්ධයෙන් ඊට යාබද සේරක්කුලිය ගම්මානයේ ප්‍රදේශවාසීන් පොලිසියට සිදුකළ පැමිණිලිවලට අදාළව අඟහරුවාදා පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

පුත්තලම - අරුවක්කාරු කසල අංගනයට කොළඹ මහනගර සභාවේ කසල බැහැර කිරීමත් සමග අධික දුර්ගන්ධයක් පවතින බව පවසමින් ඔවුන් ඊයේ වනාතවිල්ලූව පොලීසියට පැමිණිලි කළා.

කෙසේ වෙතත්, පොලීසියට පැමිණිලි භාරදීමට විශාල පිරිසක් පැමිණි අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙම ගැටලූව සම්බන්ධයෙන් සේරක්කුලිය ගම්වාසීන්ගෙන් ලැබුණු පැමිණිලි 13 ක් සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ප්‍රදේශවාසීන් 218 දෙනෙකුගේ් නම් සහ අත්සන් සදහන් ලේඛණයක් ද පොලීසියට භාරදී ඇති අතර එම සියලූ කරුණු අඟහරුවාදා දිනයේ පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයාට වාර්තා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.