දුම්රිය සේවකයන් සාකච්ඡාවකට පැමිණේ - කැබිනට් අනුකමිටුවත් හෙට රැස්වේ

Sunday, 29 September 2019 - 7:31

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ පසුගියදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ වෙනත් වෘත්තීය සමිති කිහිපයක් සමඟ හෙට දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට දුම්රිය වර්ජනය ඇතුළු රට පුරා පවතින වර්ජන සම්බන්ධයෙන් විසදුම් යෝජනා කිරීම සදහා පත්කළ අනුකමිටුව තීරණය කර තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයෙකුද වන වැඩබලන ප්‍රවාහන අමාත්‍ය, අශෝක් අබේසිංහ කියා සිටියේ දුම්රිය වෘත්තීය සමිති ඇතුළු තවත් වෘත්තීය සමිති දෙකක් සමඟ හෙට පස්වරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඊයේ දිනයේ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ වැඩබලන ප්‍රවාහන අමාත්‍ය, අශෝක් අබේසිංහ අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර, ඉන් අනතුරුවයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, නිශ්චිත විසඳුමක් ලැබෙනතුරු තවදුරටත් වර්ජනයේ නිරත වන බවයි දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ. වැටුප් විෂමතා ගැටලූවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය අද 04 වන දිනටත් ක්‍රියාත්මකයි.