මිනිස් සම්පතෙහි ආයෝජනය කරන්න - ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට උපදෙස්

Sunday, 29 September 2019 - 7:41

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ඉහළ මැදි ආදායම් රටක් ලෙස ආර්ථිකය සංවර්ධනය කිරීමට නම් මානව ප්‍රාග්ධනයෙහි ආයෝජන සිදුකළ යුතු බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතවරිය, ඉඩා ස්වරායි රිඩ්ලෝ පවසනවා.

ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සංවර්ධන වාර්තාව එළිදක්වමින් ඇය කියා සිටියේ ජනතාව  ඕනෑම රටක වටිනාම සම්පත බවයි.

මේ නිසා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා එහි ආයෝජන සිදුකිරීම අනිවාර්ය වනවා.

තාක්ෂණය සහ ස්වයංක්‍රියකරණය වර්තමාන සමාජයේ විශාල පරිවර්තනයක් සිදුකරද්දි එහි අවශ්‍යතාව ඉහළ යන බව ලෝක බැංකු නියෝජිතවරියගේ අදහසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ පවතින අධ්‍යාපන සහ සෞඛ්‍ය තත්ත්වය යටතේ අද උපදින ශ්‍රී ලාංකික දරුවෙකු, වැඩිහිටියෙකු බවට පත්වීමේදි එළිදැක්වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ඵලදායීතාවයෙන් සියයට 58 ක් පමණක් බවයි.

එහෙත් සිංගප්පූරුවේ සියයට 88 ක් වන එය ජපානයේ හෝ කොරියාවේද සියයට 84 ක් තරම් ඉහළ අගයක්.

කෙසේ නමුත් මානව ප්‍රාග්ධන සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ පෙරමුණ ගෙන ඇති අතර, සමීක්ෂණයට ලක් කෙරුණු ලොව රටවල් 157 ක් අතුරෙන් 74 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More