ඇතින්නියන් මියගිය හේතුව සොයා කණ්ඩායම් 10 ක් තුම්බිකුලම් රක්ෂිතය පීරයි

Sunday, 29 September 2019 - 13:03

%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හබරණ - හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් තවදුරටත් සිටින්නේද යන්න සහ මියයෑමට හේතු වූ කරුණු සොයාබැලීම සඳහා වනජීවී නිලධාරීන්, යුද හමුදාව ඇතුලූ කණ්ඩායම් 10 ක් තුම්බිකුලම රක්ෂිතය තුළ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර තවත් කණ්ඩායම් කිහිපයක් කොරසගල්ල ප්‍රදේශයේ සිට හිරිවඩුන්න වැව් රක්ෂිතය දක්වා වන අලින් ගමන් ගන්නා මාර්ගයක් ඔස්සේද ගමන් කරමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පෙරේදා දිනයේදී ඇතින්නියන් සිව් දෙනෙකුගේ සිරුරු සොයාගත් අතර, ඊයේ දිනයේ තවත් ඇතින්නියන් තුන් දෙනෙකුගේ සිරුරු තුම්බිකුලම රක්ෂිතයේ තිබී සොයාගත්තා. ඒ අනුව මේ වනවිට මියගොස් සිටින ඇතින්නියන් සංඛ්‍යාව 07 ක්.  

කෙසේ වෙතත් ඇතින්නියන් මිය යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මියගිය ඇතින්නියන් අතර, ගැබ්බර ඇතින්නියන් 3 දෙනෙකු සිටින අතර, වනජීවි නිලධාරීන් සැක පළ කරන්නේ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් මෙම සතුන් මියයන්නට ඇති බවයි.