ඉල්ලීම් නොලැබුණොත් ඉදිරි සතියේ උද්ඝෝෂණ පෙළක් - වෘත්තිය සමිති හෙට සාකච්ඡාවක

Sunday, 29 September 2019 - 12:55

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ඉල්ලීම් නොලැබුණොත් ඉදිරි සතියේ උද්ඝෝෂණ පෙළක් ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වර්ජනයේ නිරත වෘත්තිය සමිති කිහිපයක් සහ මීට පෙර වර්ජන දියත් කළ වෘත්තිය සමිති කිහිපයට හෙට දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

බහුතරයක් වෘත්තිය සමිති වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමිනුයි වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවන්නේ.

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමුතුව දියත් කර ඇති වර්ජනයට අදට දින 20 ක් ගතවනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේ එළඹෙන සතිය තුළ ඉල්ලීම් නොලැබුණහොත් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.

එමෙන්ම පසුගිය 25 වනදා සිට ආරම්භ කෙරුණු දුම්රිය වර්ජනයද අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර අඩපණ වූ අතර, ඊයේ දිනයේ මෙන්ම අද දිනයේත් දුම්රිය ගමන් වාර 7 ක් පමණක් සිදු කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවද පසුගිය 25 වනදා ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රීයාමාර්ගය  තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊට තවත් සංවිධාන 17 ක් සහය පළ කර ඇති බවයි එම කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි ප්‍රකාශ කළේ.

පසුගිය දින කිහිපය තුළ ගුරු වෘත්තිය සමිතිද වර්ජනයක නිරතවූ අතර, ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසලවල අධ්‍යයන කටයුතු සිදුවූයේ නැහැ.

ලංකා ගුරු සේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණහොත් ලබන මස 7 වනදා සිට 11 වනදා දක්වා දිවයින පුරා පාසල්වල දැවැන්ත වර්ජනයක් සිදුකිරීමට මේ වනවිටත් තීරණය කර ඇති බවයි.

වැටුප් ගැටළුවක් ඇතුලූ ඉල්ලීම් හයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර, ලංකා ගුරු සංගමය ඇතුලූ තවත් ගුරු සංගම් කිහිපයක් ඊට සහය පල කරන බවයි ලංකා ගුරු සේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ කියා සිටියේ.

දුම්රිය වෘත්තිය සමිති, ගුරු වෘත්තිය සමිති ඇතුලූ තවත් වෘත්තිය සමිති කිහිපයක් සමඟ ද හෙට දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කළ කැබිනට් අනුකමිටුව පියවර ගෙන තිබෙනවා.

මෙම වර්ජන ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට බාධාවක් නොවන අයුරින් එම වර්ජන සියල්ල නාමයෝජනා භාරදීමට පෙර අවසන්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.