අමාත්‍යවරුන් දෙදෙනෙකු, ගෝඨාභය අත්අඩංගුවට ගන්න බලපෑම් කළා- හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් හෙලිදරව්වක

Sunday, 29 September 2019 - 19:05

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%2C+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B6%AF+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරු තමන්ට දැඩිව බලපෑම් කළ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ප්‍රකාශ කළා.

සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම නිසා ප්‍රමාණවත් තරම් සුදුසුකම් තිබුණු තමන්ට නීතිපති තනතුර ද හිමි නොවූ බවයි.

එමෙන්ම, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම හා එහි ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නීතිවිරෝධී බව ද හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් අදාළ සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් බලපෑම් එල්ල වූයේ තමන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස කටයුතු කරන අවධියේ සිටම බව ද සුහද ගම්ලත් ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය භාර ප්‍රධානියා ලෙස කටයුතු කළ ද ඇවන්ගාඞ් පාවෙන අවිි ගබඩාව සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව මැදිහත් වී ඇති බව තමන් දැනුවත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ඇතුළු කණ්ඩායමක් ඔහු හමුවී මේ පිළිබද උපදෙස් විමසූ අවස්ථාවේ බවයි.

එහිදී කණිෂ්ඨ නිලධාරියෙකු වෙත ඔහු යොමු කළ බවත්, යළි තමා හමු නොවීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යන බව ශානි අබේසේකර දැනුම් දුන් බව ද සුහද ගම්ලත් සිය සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

එහෙත් පරීක්ෂණ නිසි පරිදි අවසන් නොවූ පසුබිමක එවැනි අත්අඩංගුවට ගැනීමකින් විය හැකි අගතිය පිළිබදව ඔහුට පැහැදිලි කර දී, එම අත්අඩංගුවට ගැනීම වැළැක්වූ බවයි ඔහු කියා සිටියේ.

ඒ සම්බන්ධ විමර්ශන ගොනුව තමන්ට ලැබුණු දින පටන් නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සෑම දිනකම පාහේ සිය කාර්යාලයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටි බව සුහද ගම්ලත් අනාවරණ කළා.

අදාළ සිද්ධියේ චූදිතයෙක් වන නිශ්ශංක සේනාධිපතිට විදේශගතවීම සඳහා අවසර ලබාදුන්නේ මුළුමනින්ම නීත්‍යානුකූල පදනමක සිට බව පෙන්වා දෙන සුහද ගම්ලත් වැඩිදුරටත් අනාවරණය කළේ එවැනි සහනයක් ලබා ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ සහ තිලක් මාරපන අමාත්‍යවරුන් තමන්ගෙන් විමසූ බවයි.

කෙසේ වෙතත්, පසු අවස්ථාවක යළි තමන් දුරකථයෙන් ඇමතූ උපුල් ජයසූරිය, අග්‍රාමාත්‍යවරයා තමන් අපේක්ෂාවෙන් සිටින බව පැවසූ බවත් එම අවස්ථාවේ පෞද්ගලික හමුවක් සේ සලකා තමන් අගමැතිවරයා හමුවීමට ගිය බවත්, සුහද ගම්ලත් ප්‍රකාශ කළා.

එහෙත් තමන් අරලියගහ මන්දිරයට යන විට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ රැස්වීමක් පැවැත්වුණු බවත් පාඨලී චම්පික සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්, අනුර කුමාර දිසානායක, අර්ජුන මහේන්ද්‍රන් වැනි පිරිස් ඊට එක්ව සිටි බවත්  ඔහු සිහිපත් කළා.

ඔහු පෙන්වා දෙන්නේ නිශ්ශංක සේනාධිපතිට විදෙස්ගතවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් එම රැස්වීමේදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා තමන්ව දැඩිව විවේචනය කළ බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබූ රැස්වීමකදී නීතිපති දෙපාර්තමේන්තුවට සිදුකරන මෙම බලපෑම සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාව ද දැනුවත් කළ බවයි සුහද ගම්ලත් කියා සිටියේ.

එම අවස්ථාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක තමන් දෙසට හැරී නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ වැඩ කරන්න එපා යැයි පැවසූ බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මෙම බලපෑම්වලට යට නොවීම හේතුවෙන් තමන්ට ලැබිය යුතුව තිබූ නීතිපති තනතුර ද අහිමි වූ බව පෙන්වා දෙන සුහද ගම්ලත් තවදුරටත් කියා සිටියේ එදා තමන් පැවසූ දේ අද සනාථ වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම සහ එහි ක්‍රියාකාරීත්වය දේශපාලන බලපෑම් මත සිදුවූ සම්පූර්ණයෙන් නීතිවිරෝධී ක්‍රියාවලියක් බවත් ඉදිරි රජයක් තුළ ජනාධිපති කොමිසමක් පත් කර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බවත් හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් කියා සිටියා.