එජාප ආසන සංවිධායකවරුත් කොළඹට

Monday, 30 September 2019 - 7:16

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් අද උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට කැඳවා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවන ආකාරය සහ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙම කැඳවීමේ අරමුණ බවයි වාර්තාවන්නේ.

එක්සත් ජාතික පක්ෂ නායක ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැඳවා ඇති මෙම හමුව සඳහා නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුලූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්වීමට නියමිතයි.