මැතිවරණ කොමිසමේ සභාපති,පක්ෂ ලේකම්වරු හමුවේ

Monday, 30 September 2019 - 7:21

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අනිද්දා පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා පොලිස්පතිවරයාට සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එක්වන ලෙස ද දැනුම් දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම මේ දිනවල සිදුකෙරෙන අතර එය ලබන මස 6 වන දා අවසන් වීමට නියමිතයි.

අපේක්ෂකයින් 9 දෙනෙකු ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.