පරිපාලන නිලධාරී වර්ජනය අත්හිටුවයි - හෙට දක්වා සීමිත වැඩ

Monday, 30 September 2019 - 7:20

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
පෙර දැනුම් දුන් පරිදි අද දිනයේ වර්ජනයක නිරත නොවුණත් පසුගිය 12 වනදා සිට ආරම්භ කළ සීමිත වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට දක්වා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

පසුගිය සිකුරාදා පැවති හදිසි කැබිනට් සාකච්ඡාවේදී පත් කළ කැබිනට් අනුකමිටුව සමඟ පවතින වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අද දිනයේ මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බැවින් එම තීරණය ගත් බවයි එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා සඳහන් කළේ.  

එමෙන්ම දුම්රිය වර්ජනය පස්වන දිනටත් අද ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

2018 මැයි 16 වනදා අනුමත වූ ශ්‍රේණි විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව වහා ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් ඉකුත් 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, නියාමක, ස්ථානාධිපති, පාලක සහ අධීක්ෂණ කළමනාකරුවන් අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත වෘත්තිය සමිති සඳහා අද පස්වරුවේ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

දුම්රිය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද අද පෙරවරුවේත් කාර්යාල දුම්රිය 9 ක් පමණ ධාවනය කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර, ආබාධිත රණවිරුවන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය අදට දින විස්සක් ගතවනවා.