තුම්බිකුලම රක්ෂිතයේ මෙහෙයුමක්

Monday, 30 September 2019 - 7:27

%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇතින්නියන් 6 දෙනා සහ වන අලියා මිය ගොස් සිටි හබරණ - හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ ඊයේ රාත්‍රියේත් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව වනජීවි නිලධාරීන් සහ පොලීසිය එක්ව සිටි බවයි වනජීවි නිලධාරින් ප්‍රකාශ කළේ.

අවශ්‍ය වුවහොත් අද දහවල් කාලයේත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි සීගිරිය වනජීවි කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් 6 දෙනාගේ සහ වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ සිදුකර අවසන් කෙරුණා.

මිය ගිය තවත් වන අලි සිටින්නේ ද යන්න සොයා වනජීවි නිලධාරීන්, යුද හමුදාව සහ පොලීසිය ඇතුළු කණ්ඩායම් 10ක් එක්ව ඊයේ දිනය පුරා ද රක්ෂිතයෙහි දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළත්, එහි තිබී කිසිවක් හමුවූයේ නැහැ.

පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඇතින්නියන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත ද යොමු කෙරුණේ කිසියම් විෂක් ශරීරගත වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

පශ්චාත් මරණ පරීක්ෂණයේ කරුණු සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමට වනජීවි නිලධාරීන් තීරණය කර තිබෙනවා.

පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ සඳහන් කළේ මිය ගිය සතුන්ට ආහාර සමඟ කිසියම් විෂක් ලබාදුන්නේ දැයි සැක කිරීමට තරම් සාධක නොමැති බවයි.