වෙඩි වැදුනු අලියෙකුගේ සිරුරක් හබරණනින් හමුවේ

Monday, 30 September 2019 - 11:33

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
හබරණ - ආසිරිගම - මහවැව ප්‍රදේශයේ හේනක තිබී වෙඩි වැදුණු වන අලියෙකුගේ සිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන මියගිය වන අලියාගේ සිරුරේ වෙඩි සළකුණු 6 ක් පමණ දක්නට ලැබෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හබරණ - වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරම්භ කර තිබෙනවා.

මේ අතර අරලගංවිල - වීරලන්ද ප්‍රදේශයේදී අද අලූයම වන අලියෙකු සිදුකළ පහරදීමකින් 47 හැවිරිදි පුද්ගලයෙකු  මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, හබරන තුම්බිකුලම රක්ෂිතයේ දි අභිරහස් ලෙස ඇතින්නියන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරන බව වනජිවි නිලධාරින් ප්‍රකාශ කළා.

වයඹ හා අනුරාධපුර කලාපය භාර වනජිවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම ඇතින්නියන්ගේ සිරුරු වල සාම්පල ඉන් අනතුරුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකිරිමට කටයුතු කරන බවයි.