දින 20කට පසු ආබාධිත රණවිරුවන් උපවාසය අත්හරී

Monday, 30 September 2019 - 14:11

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+20%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
දින 20කට ආසන්න කාලයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අද පස්වරුවේ අවසන් කෙරුණා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පවතින දේශපාලන වාතාවරණය සලකා බලා සත්‍යග්‍රහය සහ මාරාන්තික උපවාසය අවසන් කළ බවයි.

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහය සිදුකළේ සිය ඉල්ලීම් සඳහා විධිමත් වූ විසඳුමක් ලබා දෙන ලෙස බලධාරීන්ට අවධාරණය කරමින්.

එහිදී මුදල් අමාත්‍යාංශය ඔවුන්ගේ වැටුප් ගැටලුවට විසදුම් ලබාදීම සඳහා ඉදිරිපත් කළ යෝජනා ඔවුන් පිලි නොගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනා කප්පාදු කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කර ඇති බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත්, සිය සත්‍යග්‍රහය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මාරාන්තික උපවාසයක්ද ආබාධිත රණවිරුවන් ආරම්භ කළේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා ගැනීමේ අරමුණින්.

එහිදී උපවාසයේ නිරතව සිටි ආබාධිත රණවිරුවන් 5 දෙනෙකු සහ අබාධිත රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ද රෝහල් ගත කරනු ලැබුවා. ඉන් අනතුරුවයි ආබාධිත රණවිරුන් උපවාසය අත්හැරීමෙන් පසු රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත පමණක් මාරාන්තික උපවාසයේ නිරත වුණේ.

මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ද අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ ඔවුන්ගේ ගැටළු පිළිබදව අවධානය යොමු කර තිබුණා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සමග එම ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් පැමිණියා.