හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නීතිඥවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික විරෝධතාවක්

Monday, 30 September 2019 - 15:03

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ගොනුකර ඇති නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවෙක් නොමැති බවට මූලික විරෝධතාවක්, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එල්.ටී.බී, දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයි රාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම මූලික විරෝධතාව සම්බන්ධයෙන් වන නියෝගය ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වනදා මරදාන ප්‍රදේශයේ පැවති රැළියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන්දෙනෙකු මෙම නඩුව ගොනු කර තිබුණා.