දුම්රිය තවමත් වැඩ නැහැ - වෛද්‍යවරුන් අනිද්දා යළි වර්ජනයකට සූදානමින්

Monday, 30 September 2019 - 19:08

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
වැටුප් විෂමතා මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය අද 5 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් දුම්රිය මගීන් අද දිනයේදී ද දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, දැනට ක්‍රියාත්මක වර්ජනවලට විසඳුම් ලබාදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී රැස්වුණා.

එහිදී ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ප්‍රථමයෙන්ම කමිටුව හමුවේ පෙනී සිටියා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ ගැටළු විසදීමට හෙට දිනයේදී කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවට අනුකමිටුව එහිදී ප්‍රකාශ කළ බවයි.

අනතුරුව අදාළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවේ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් පෙනී සිටි අතර, දෙපාර්ශවය අතර සාකච්ඡාව මේ වන විටත් පැවැත්වෙනවා.

මේ අතර, වැටුප් ගැටළුව සම්බන්ධයෙන් කඩිනමින් විසදුමක් නොලැබුණහොත් අනිද්දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවින්ද සොයිසා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.