ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

Tuesday, 01 October 2019 - 7:19

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වී ඇත්තේ සුමිතුරු දැයකින් - දිනවමු දරුවන් යන්නයි.

එහි ජාතික උත්සවය මාතලේ - එඞ්වඞ් ක්‍රීඩාංගණයේදී අද ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ  ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය සහ ප්‍රෞඪත්වය රදා පවතින්නේ වත්මන් ළමා පරපුර ලෙස හැදී වැඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජීවිත ගමනේ ඇරඹුම සනිටුහන් වන ළමා විය සේම,  සමාජය වෙනුවෙන් උපරිම කැපවීමෙන් දායකත්වය ලබාදී විශ්‍රාම සුවයෙන් පසුවන වැඩිහිටි විය ද එකසේ අවධානයට ලක්විය යුතු ජීවන අවධීන් දෙකක් බවයි.

මේ, අදට යෙදෙන ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.