ඇතින්නියන් මිය යාම ගැන අද විශේෂ සාකච්ඡාවක්

Tuesday, 01 October 2019 - 7:21

%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හබරණ - හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ දී වන ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු අස්වාභාවික ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

වනජීවි, සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ සඳහන් කළේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම, වන ඇතින්නියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සිදුකොට ඊට අදාළ කරුණු ඊයේ දිනයේදී අධිකරණයට ද වාර්තා කරනු ලැබුවා.