විසඳුම් නැහැ - දුම්රිය වර්ජනය අඛණ්ඩව

Tuesday, 01 October 2019 - 7:30

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
දැනට ක්‍රියාත්මක වර්ජනවලට විසදුම් ලබාදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී පිළිගත හැකි විසදුමක් ලබා නොදීම හේතුවෙන් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඊයේ දිනයේදී මෙම වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවේ පෙනී සිටියේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහායි.

කෙසේ වෙතත්, පිළිගත හැකි විසදුමක් ලබා නොහැකි වීම හේතුවෙන් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති මෙම වර්ජනය අද 6 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

පසුගිය දින කිහිපය තුළ මෙන්ම ඊයේ දිනයේදී ද මෙම දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක වර්ජන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ද අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.