සාමාජික රටවල විශ්වාසය නොබිඳින්න - ශ්‍රී ලංකාව ජගත් සංවිධානයට කියයි

Tuesday, 01 October 2019 - 8:25

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජගත් සංවිධානය සහ සාමාජික රටවල් අතර දශක 7ක් තිස්සේ විශ්වාසය සහ සමානාත්මතාව මත ගොඩනැගුණු සහයෝගීතාව, දේශපාලන අරමුණු පෙරදැරි කරගත් කණ්ඩායම්වල වුවමනාව මත විනාශවීමට ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කළා.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අමතමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ මෙවර මහා මණ්ඩල සැසි වාරයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී රවිනාථ ආරියසිංහ ඊයේ මේ බව කියා සිටියා.

ඔහු මෙවර ජගත් මහා මණ්ඩලය ඇමතූයේ ජගත් සංවිධානය මෙරට සාම සාධක මෙහෙයුම්වලට සීමාවන් පනවා ඇති වාතාවරණයකයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විවිධ අභිලාෂයන් සහිත කණ්ඩායම්වලට ජගත් සංවිධානය නොමඟ යැවීමට ඉඩ නොදිය යුතු බවයි.

එමෙන්ම, සාමාජික රටවල් සමඟ වලංගු උපදේශන ක්‍රියාවලියකින් තොරව තීරණ ගැනීමෙන් ජගත් සංවිධානය පිළිබදව සාමාජික රටවල විශ්වාසය බිද වැටෙන බව ශ්‍රී ලංකා විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ පෙන්වා දුන්නා.