ටී - 56 උණ්ඩ 737ක් සහිත පෙට්ටියක් තල්දෙන පාලම අසළින් සොයා ගැනේ

Tuesday, 01 October 2019 - 8:27

%E0%B6%A7%E0%B7%93+-+56+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+737%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ටී - 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 737ක් සහිත පෙට්ටියක් බදුල්ල - මහියංගනය මාර්ගයේ තල්දෙන පාලම අසළ  තිබී සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව ඊයේ මෙම උණ්ඩ සහිත පෙට්ටිය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. කවුරුන් විසින් මේවා ගෙනත් දැමූයේ ද යන්න පිළිබඳ තවමත් අනාවරණ වී නැහැ.

මේ අතර, ආරච්චිකට්ටුව - පීටර්වත්ත ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ ජීව උණ්ඩ 18ක් පොලීසිය ඊයේ සොයාගත්තා.

නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා අදාළ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම ජීව උණ්ඩ සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.