අරුවක්කාරු කසල අංගනයට ආ රථවලට විරෝධය

Tuesday, 01 October 2019 - 9:52

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
අරුවක්කාරු කසල අංගනයට කසල රැගෙන ආ ටිපර් රථ 28 කට අංගනයට ඇතුලූවීමට ඉඩ නොදී අද අලූයම කාලයේ විරෝධතාවක් පැවැත්වුණා.

වනාතවිල්ලූව, සේරක්කුලිය සහ ඒ අවට ගම්මාන කිහිපයක ජනතාව ඊට එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත්, අලූයම එකට පමණ ආරම්භ වූ මෙම විරෝධතාව පෙරවරු 10 පමණ වනතෙක් පැවති අතර, එතෙක් කිසිදු ටිපර් රථයකට අංගනයට ඇතුළුවීමට විරෝධතාකරුවන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පසුව, පොලීසිය මැදිහත් වී පුත්තලම අධිකරණයට මේ පිළිබදව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කසල ගෙන ඒම නතර කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි විරෝධතාකරුවන් විසිර ගියේ.

අරුවක්කාරු කසල අංගනයේ තැන්පත් කර ඇති කසලවල දුගද අවට ගම්මානවල ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

එමෙන්ම, මෙම කසල අංගනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ආසාත්මිකතා ඇතිවී තිබෙන බවයි ඔවුන් කියා සිටියේ.

ඊයේ දිනයේ ද වනාතවිල්ලූව නගරය ආසන්නයේ ප්‍රදේශවාසීන් කසල අංගනයට එරෙහිව විරෝධතාවයක් දියත් කර තිබුණා.

ඊට වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ආගමික නායකයින් කිහිපදෙනෙකු ද සම්බන්ධවී සිට ඇති බව සදහන්.

මෙම කසල අංගනය  හේතුවෙන් තම ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම නතර කරන ලෙස බලකරමිනුයි ඔවුන් ඊයේ සහ අද දිනයේ මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ.