බගවන්තලාව - කෙසෙල්ගමුඔයට ගසාගෙන ගිය පුද්ගලයා සොයා මෙහෙයුම්

Tuesday, 01 October 2019 - 10:00

%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+-+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%94%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
බගවන්තලාව - කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් යට වී ඇති කිලානි මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු සැඬ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා අදාළ මාර්ගයේ ගමන් කරමින් සිටියදී සැඬ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ බගවන්තලාව - කිලානි වත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සොයා බගවන්තලාව පොලීසිය හා ප්‍රදේශවාසීන් මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.