හබරණ, රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

Tuesday, 01 October 2019 - 10:13

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB%2C+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයේ මහමොරකන්ද ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හබරණ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ කැබ් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ගමන් කළ පාපැදියක් ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පා පැදියේ ගමන් කළ පාසල් සිසුවා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ 13 හැවිරිදි ගල්ඔය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.