දුම්රිය සංවෘත සේවාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය - තීරණයකට දුම්රිය වෘත්තීය සමිති රැස්වේ

Tuesday, 01 October 2019 - 11:15

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
දුම්රිය සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය රැස්වුණා.

එහිදී වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ගේ ගැටළුව විසදීම සඳහා එම සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දුම්රිය සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමේ තීරණයෙන් සෑහීමකට පත්විය නොහැකි බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව තමන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දුම්රිය වෘත්තීය සමිති මේ වන විට කොළඹ දී විශේෂ සාකච්ඡාවක නිරත වනවා.

වැටුප් විෂමතා මුල් කරගෙන අද 6 වන දිනටත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය නිසා අද පෙරවරුවේ ද මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියා.

කෙසේ නමුත්, අද දිනයේ ද කාර්යාල දුම්රිය 12ක් පමණ ධාවනයේ යෙදවීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ.

එමෙන්ම, දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති මෙම වර්ජනය, දුම්රිය එන්ජින් රියදුරු, ෂන්ටින් සංගමය විවේචනය කරනවා.

මේ අතර, වැටුප් විෂමතා ගැටළුවම මුල් කරගෙන ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන සීමිත වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ ද ක්‍රියාත්මකයි.