අධිකරණයට භාර වූ මන්ත්‍රී හේෂා විතානගේට ඇප

Tuesday, 01 October 2019 - 12:45

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B7%9A%E0%B7%82%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළ සම්බන්ධයෙන් අනර්ථයක් සිදුකිරීම සහ සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර විසින් ඔහුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින දේපළක් මන්ත්‍රීවරයා සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට පැවරූ නඩුවකට අදාළව හේෂා විතානගේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ ඊයේ නියෝග කළා.

එහිදී පැමිණිල්ලේ නීතීඥවරුන් පෙන්වා දුන්නේ සැකකාර මන්ත්‍රීවරයා මීට පෙර අවස්ථා දෙකකදීද සාධාරණ හේතුවක් නොදක්වා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.

එම කරුණු සළකා බැලූ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඊයේ නියෝග කළා.

ඒ අනුව නීතිඥවරයෙකු මාර්ගයෙන් අද පෙරවරුවේ මන්ත්‍රීවරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී ඇති අතර, එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මේ අතර අදාළ නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරික ජේ.ඒ. අනුර මහේන්ද්‍ර සහ සිංහලේ ජාතික සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණියා.