විසදුම් ඉල්ලා දෙමළ ජාතික සන්ධානයෙන්, අගමැතිට යෝජනාවලියක්

Tuesday, 01 October 2019 - 13:09

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානය අතර තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

ඊයේ පැවති මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ඇතුළු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු එක්ව සිටි බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

එහිදී දෙමළ ජාතික සන්ධානය විසින් තම ජනතාවගේ ගැටලූ ඇතුළත් යෝජනාවලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට යොමුකර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡාවක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.