අනුර කුමාර ඇප තැන්පත් කරයි

Tuesday, 01 October 2019 - 13:12

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B6%B4+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක - පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද පෙරවරු 10.30ට පමණ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කළ බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඊයේ ඇප මුදල් තැන්පත් කර තිබුණා.  

ඒ අනුව දැනට පිළිගත් දේශපාලන පක්ෂ 9ක අපේක්ෂකයින් සහ ස්වාධීන අපේක්ෂකයින් 5 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂකයින් එකම වේදිකාවකට කැදවා සංවාදයක් සිදුකිරීමට මාර්තු 12 ව්‍යාපාරය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් මස 5 වන දා පස්වරු 3 සිට 5 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් එකම වේදිකාවකට කැදවා ඔවුන්ගේ අභිලාශ එළිදැක්වීමේ සංවාදය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.  

ඒ පිළිබදව මේ වන විටත් අපේක්ෂකයින් කිහිප දෙනෙකුම දැනුවත් කිරීමට මාර්තු 12 ව්‍යාපාරය පියවරගෙන ඇති අතර, එහි එක් පියවරක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡාවක් ද අද පෙරවරුවේ පැවැත්වුණා.