දුම්රිය වර්ජනය තවදුරටත්

Tuesday, 01 October 2019 - 14:08

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි පිළිගත හැකි විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම නිසා වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.

දුම්රිය, සංවෘත සේවාවක් බවට පත් කිරිමට අද පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවු බවයි වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් කොළඹදී අද පස්වරුවේ රැස්වුණා.