හක්කපටස් සමඟ සෙල්ලම් කළ ළමයින් දෙදෙනෙකු තුවාල ලබයි

Tuesday, 01 October 2019 - 15:18

%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B4%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
බෝලයක් යැයි සිතා හක්කපටස් ගුලියක් සමඟ ක්‍රීඩා කරමින් සිටියදී එය පුපුරා යාමෙන් තුවාල ලැබූ වයස අවුරුදු දෙකහමාරක පිරිමි දරුවෙකු සහ 10 හැවිරිදි ගැහැණු දරුවෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වඳුරඹ - පිටිහරාව - දලුක්ගල කන්ද ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ නිවසේ ගෙමිදුලේ තිබූ මෙම බෝලයක හැඩැති හක්කපටස් නිවස තුළට ගෙන ගොස් සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වදුරඹ පොලීසිය සඳහන් කළේ.

අසළ නිවසක වෙසෙන පුද්ගලයෙකු මෙලෙස හක්කපටස් නිපදවා සතුන් දඩයම් කිරීමේ යෙදී ඇති බව පසුව කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලීසිය අදාළ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවකදි සතුන් දඩයම් කිරීමට යොදාගන්නා හක්කපටස්, වයර්, කම්බි සහ ගෝඩා බැරලයක් ද සොයාගත්තා.

නිවසේ හිමිකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More