නිදහස් පක්ෂය පොහොට්ටුවට ගිවිසුම් යවයි

Tuesday, 01 October 2019 - 19:21

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග ගොඩනැගිමට නියමිත සන්ධානය පිලිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කල ගිවිසුම් කෙටුම්පත් පක්ෂ මහලේකම්වරයා අද ඔවුන් වෙත යොමුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ දක්වන ප්‍රතිචාර මත ඉදිරි සාකච්ජා සිදුවනු ඇති බවයි.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද අද පැවති මාධ්‍ය හමුවකදී දෙපාර්ශවය අතර සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ නිදහස් පක්ෂ ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ පොදුජන පෙරමුණ බවයි.

කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ සන්ධානගත වීම සඳහා කළ නොහැක්කක් නොමැති බවයි.

මේ අතර කුමන බාධා එල්ල කළද සැළසුම් කළ පරිදි එළඹෙන හත්වනදා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.

පොදුජන පෙරමුණේ බත්තරමුල්ල - නෙළුම් මාවතේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.