ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට, වත්කම් - බැරකම් ප්‍රකාශ අනිවාර්යයි

Wednesday, 02 October 2019 - 7:23

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගන්නා අවස්ථාවේ සියලුම අපෙක්ෂකයින් තමන්ගේ සියළුම වත්කම් හා බැරකම් ප්‍රකාශ නාම යෝජනා පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරණයට තරඟ කරන පක්ෂවල සහ එලෙස අපේක්ෂා කරන පක්ෂවල ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් ප්‍රධානීන්ට ද දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

එමෙන්ම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන සේ මාර්ග දෙපස ඇති ඩිජිටල් නාමපුවරු සහ සිනමා ශාලාවල ප්‍රචාරක පට ප්‍රචාරණය මැතිවරණ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි ප්‍රචාරණයන් සඳහා කොන්ත්‍රාත්තුවලට එළඹීම සහ ප්‍රචාරය කිරීමද මැතිවරණ නීතියට අනුව වරදක් වන බවයි.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More