Update :පුරවැසි පෙත්සම විභාග කිරීම ඇරඹේ

Wednesday, 02 October 2019 - 7:37

Update+%3A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙරට පුරවරසියෙකු ලෙස පිළිගැනිම අත්හිටුවිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අද පෙරුවරුවේ ආරම්භ වුණා.

ඒ අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ විසින් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ එම අමාත්‍යංහයේ ලේකම්වරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙරේදා එය විභාගයට ගත් අවස්ථාවේ අභියාචානාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් තීරණය කළේ මෙය දේශපාලනික වශයෙන් සංවේදී වන බැවින් එය සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන බවයි.

ඒ අනුව, අද පෙරවරු 9.30 පමණ පෙත්සම සලකා බැලිම ආරම්භ වු අතර, මේ වනවිට පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Update : 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිලිගැනීම අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද සිට සලකා බැලීමට නියමිතයි.

පසුගිය 30 වන දා මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන් ඔබේසේකර හමුවේ කැදවනු ලැබූ අතර පෙත්සමේ ඇති වැදගත්කම සලකා එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාග කෙරෙන බවටයි ප්‍රකාශ කෙරුණේ.