මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 02 October 2019 - 9:16

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තලෙයිමන්නාරම - ග්‍රාමය ප්‍රදේශයේදී හෙරොයින්, හෂීස් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය එම ප්‍රදේශයේ නිවසක් ඊයේ පරීක්ෂාවට ලක් කළා.

එහි තිබී හෙරොයින් ග්‍රෑම් 20, හෂීස් මිලිග්‍රෑම් 250ක් හා අයිස් මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී නිවසේ සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වුණේ කාලයක සිට මොහු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවයි.