මාරවිල නිවසක ගමටම හොරෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරය

Wednesday, 02 October 2019 - 9:27

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7%E0%B6%B8+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
කුලී පදනම මත ලබාගත් නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට මාරවිල පොලිසිය සමත්ව තිබෙනවා.

එහිදී එක් සැකකරුවෙකු සමඟ ,ගෝඩා අසුරා තිබූ බැරල් 06 ක්,ජල ටැංකියක්,තඹ දගර 01,ගෑස් සිලින්ඩර 02 ක්,ගෑස් ලිප් 02 ක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසුවන දංකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මාරවිල තුම්මෝදර - මාවිල ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අදාළ නිවස රුපියල්  30,000 ක මාසික කුලී පදනම මත මීට මාස 06 කට පෙර ලබා ගත් බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කුලී පදනම මත ලබා ගන්නා වාහනවලින් අවිස්සාවෙල්ල,හංවැල්ල සහ පාදුක්ක යන ප්‍රදේශවලට ගෙන ගොස් තොග වශයෙන් අලවි කරන බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාරවිල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.