දිල්රුක්ෂි වෙනුවට සංජය රාජරත්නම්වැ ඩබලන සොලිසිටර් ජෙනරාල් ධූරයට

Wednesday, 02 October 2019 - 10:20

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90+%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
වැඩබලන සොලිසිටර් ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් පත් කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

මෙතෙක් එම ධුරයේ කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ සේවය අත්හිටුවීමට පසුගියදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා.

ඒ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ද වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර, සිදුවූ දුරකථන සංවාදය පදනම් කර ගනිමින්.

මෙම දුරකථන සංවාදය ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පසුගිය දා සමාජ මාධ්‍යයට මුදා හැරියේ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන අතරතුරයි.

කෙසේ වෙතත්, අදාළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදමින් සඳහන් කළේ එය විකෘති කරන ලද්දක් බවයි.