විශ්‍රාම වැටුප් අහිමිවූවන් කොළඹ පාගමනක

Wednesday, 02 October 2019 - 11:30

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A
වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය සේවාව පවත්වාගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති එකමුතුව ආරම්භ කල වර්ජනය අද 07 වන දිනටත් ක්‍රියාත්මක අතර තම ඉල්ලීම් සදහා පිලිගත හැකි විසඳුමක් රජය මෙතෙක් ලබාදිමට අපොසත් වු බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරි ජි.එස් පොල්වත්තගේ ප්‍රකාශ කලේ වර්ජනයේ නිරත පිරිස් සේවයට වාර්තා කරන තෙක් කොන්ත්‍රාත් පදනමේ නිලධාරින් සහ විශ්‍රාම ලැබු නිලධාරින් යොදවා දුම්රිය ධාවනය අඛණ්ඩව සිදුකරන බවයි.

ඒ අනුව ඊයේ දිනයේදි මෙන්ම අද පෙරවරු කාලයේදී, දුම්රිය ගමන් වාර 10 ක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති ඉල්ලිම් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගනිමින් දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරිමට කටයුතු කල වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින්නේ මගී ජනතාවයි.

මේ අතර, රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවුවන්ගේ සංගමය කොළඹ කොටුවේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා අද පාගමනින් පැමිණියා.

ඔවුන් පාගමනේ නිරත වන්නේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතු වු රජයේ බලවේග පේෂ කර්මාන්ත පුද්ගලීකරණය කිරිම නිසා විශ්‍රාම වැටුප හෝ මාසික දිමනාවක් ලබා දිම සදහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

මෙම පාගමන හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.