ජනපති සහ බැසිල් අතර යලි හමුවක්

Wednesday, 02 October 2019 - 12:50

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර තවත් හමුවක් ඉදිරි දින දෙක තුළදී සිදුවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී මේ බව සනාථ කළා. මෙම හමුවේදී නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

පෙරේදා දිනයේ ද ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් සිදුවුණා. ඉදිරි හමුවේදී සාකච්ඡා වන කරුණු එළඹෙන 5 වනදා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන අවස්ථාවේ දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග ගොඩනැගිමට නියමිත සන්ධානය පිලිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කල ගිවිසුම් කෙටුම්පතක් නිදහස් පක්ෂ මහලේකම් ඊයේ ඔවුන් වෙත යොමුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

මේ අතර, ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී සිදුවුණා.

රාත්‍රී 9.30 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය එකහමාරකට වඩා වැඩි කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න එක්වුණා.

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම් ඊට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙහිදී ජනාධිපතිවරණය පිළිබඳව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වූ බව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, සන්ධානග ගත වීම සදහා පොදු ලකුණක් ඉදිරිපත් කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය ලබා දිමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More