ජනාධිපතිවරණය සඳහා තවත් ස්වාධීන අපේක්ෂකයෙක් ඇප තැන්පත් කරයි

Wednesday, 02 October 2019 - 12:57

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනාධිවරණය සඳහා ශ්‍රි ලංකා කම්කරු පක්ෂය සහ ස්වාධින අපේක්ෂයෙකු අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද පෙරවරු 10.30 පමණ ශ්‍රි ලංකා කම්කරු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඒ. එස්. පී. ලියනගේ වෙනුවෙන් එහි නියෝජිතයින් පිරිසක් පැමිණ ඇපමුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂයෙකු ලෙස වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අශෝක වඩිගමංගාව ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ජනාධිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක අපේක්ෂකයින් සහ ස්වාධින කණ්ඩායම් නියෝජනය කරමින් තවත් අපේක්ෂකයින් 6 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මේ අතර, ජනාධිපතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද පස්වරු 2 ට මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිතයි.

එමෙන්ම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම පක්ෂ වල ලේකම්වරුන් ස්වාධින කණ්ඩායම් වල අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක් ද අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.