අද පස්වරුවේත් පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

Wednesday, 02 October 2019 - 13:27

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ඉදිරි පැය 24 තුළ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම අවස්ථාවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පස්වරු 2 න් පසු මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරනවා.

ගිගුරුම් සහිත වැසි පවතින විට අකුණු අනතුරු ද සිදුවිය හැකි බවයි ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.