කැකිරාවේදී බස් රථයක් පෙරලී 09 දෙනෙකු රෝහලේ

Wednesday, 02 October 2019 - 14:50

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+09+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කැකිරාව - මාන්කඩවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී සිදුවු අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ගම්පහ සිට හොරොව්පතාන ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට යමින් සිටි පිරිසක් අද පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයින් අනුරාධපුර, දඹුල්ල සහ කැකිරාව රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.