යාපනයේ මාර්ගයක් අසල වැටී තිබූ පාර්සලයකින් කේරල ගංජා සොයා ගැනේ

Wednesday, 02 October 2019 - 14:53

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B6%BD+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
යාපනය - මනල්කාඩු ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ වැටී තිබූ පාර්සලයක තිබී කේරල ගංජා කිලෝ 03 යි ග්‍රෑම් 900 ක් සොයාගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. සෝදිසි මෙහෙයුම නිසා අදාළ සැකකරුවන් එම කේරල ගංජා පාර්සලය අතහැර දමා පළාගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.